Wednesday, July 16, 2014

සහල් නිෂ්පාදනය ආරම්භ වූ වගයි...

කුඩාබිබුල ඉසුරු සහල් මෝලෙහි නිෂ්පාදන කටයුතු 2014 ජුලි මස මුල් සතියේ සිට ආරම්භවිය. දැනට අප සතුව වී 200,000kg ක ප්‍රමාණයක් ගබඩා කිරීමට ඉඩ පහසු කම් ඇති අතර ඉදිරියේදී මෙම ප්‍රමාණය තවත් වැඩිි කිරීමට බලාපොරොත්තු වෙමි.නිෂ්පාදනය අතිනවීන යන්ත්‍රානුසාරයෙන් සිදු කරනු ලබන අතර එමගින් ගල් වැලි රහිත වී, වී පොතු වලින් තොර නොකැඩුන ගුණාත්මක බවින් ඉහල සහල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇත.කුඩාබිබුල ප්‍රදේශයේ ගොවීන් වැඩිවශයෙන් නැඹුරු වී සිටින්නේ රතු කැකුළු වී වගාව සදහාය. එම නිසා ඉසුරු සහල් මෝලහි නිෂ්පාදනය වන්නේ රතු කැකුළු සහල් පමණි.දැනට Red Raw Rice යන ප්‍රභේදයෙන් නිෂ්පාදන වෙළද පොලට නිකුත් කරනු ලබන අතර එය 50kg, 25kg, 10kg හා 05kg යන ප්‍රමාණ වලින් ඉල්ලුම්කරුගේ අවශ්‍යතාවය අනුව සිදු කෙරේ.සහල් ඔනෑම ප්‍රමාණයක් වෙළදපොලේ පවතින හොදම මිලට සැපයීම සිදු කරනු ලබන අතර දිවයින පුරාම සහල් සැපයිය හැකිය. ඔබත් සහල් මිලදී ගැනීමට හෝ වී විකිණීමට බලාපොරොත්තු වන්නේ නම් එක් වරක් අප අමතා වැඩි විස්තර දැන ගැනීමට ආරාධනා කරමි.
දුරකථනය 

071 049 9065

Friday, July 12, 2013

අපේ බත නව මුහුනකින්

කුඩාබිබුල ඉසුරු සහල් මෝල වෙතින් ඉදිරිපත් කරන  ඉසුරු සහල් ඉතාමත් නුදුරු දිනයකදී ලබා ගත හැකි වන අතර මෙහි එන සියලුම දේ දැනට යෝජිත මට්ටමෙ පවතී.